Connect with us

පුවත්

රනිල් ජනපති සටනට එනවද? නැද්ද? තීන්දුව අප්‍රේල්; පොහොට්ටු තීන්දුවත් අප්‍රේල්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත් කිරීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇතැයි ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබේ.

එම ප්‍රකාශයට පෙර ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ශක්තිය මැන බැලීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමටද තීරණය කර ඇතැයි ද පැවසේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමද අප්‍රේල් මාසයේ සිදුකිරීමට නියමිතව ඇත.

කෙසේවුවද, පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා කැබිනට් රැස්වීමෙන් පසුව එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මන්ත්‍රීවරුන්ට පැවසූ බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනවාරි මාසයේ සිට ඒ සඳහා වූ ප්‍රචාරක කටයුතු ආරම්භ කෙරෙන බවත්, සියලු අමාත්‍යවරුන්ගේ සහය ඒ සඳහා ලබාදෙන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටි බවද එම වාර්තාවල සටහන් විය.

මේ අතර, ඊයේ (27) පැවැති නිමල් ලන්සා නිර්මාතෘත්වය දරණ අලුත් සන්ධානයේ ජනරැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමේ අරමුණ ඇතිව පවත්වන පළමු මහජන රැලිය බවට ද වාර්තා පලවිය.

එසේම ලන්සාගේ රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්වන බවට ලන්සා තැන තැන කතා පවත්වා තිබුණද ඔහුගේ රැලියට එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ‍සිවුදෙනෙකු පමණි.

සබැඳි පුවත් :

ධම්මිකගේ නම ජනපතිගේ කට අරියි; ජනපතිවරණට එන බවත් කැබිනට්ටුවට කියයි 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved