Connect with us

පුවත්

ධම්මිකගේ නම ජනපතිගේ කට අරියි; ජනපතිවරණට එන බවත් කැබිනට්ටුවට කියයි

Published

on

තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා “ද ලීඩර්” වාර්තා කර තිබේ.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන ජනවාරි මාසයේ සිට ඒ සඳහා වූ ප්‍රචාරක කටයුතු ආරම්භ කෙරෙන බවත්, සියලු අමාත්‍යවරුන්ගේ සහය ඒ සඳහා ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවද පැවසේ.

මේ අතර ප්‍රකට ව්‍යාපාරික, ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා ‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර ඇතිබවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කර ඇතැයි ද එහි දැක්වේ.

එවැනි තීරණයක් ගන්නේ නම් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අනිවාර්යයෙන් රැස්විය යුතු බවත් පසුගිය සෙනසුරාදායින් පසු නැවත දේශපාලන මණ්ඩලය රැස්වී නොමැති බවද එහි වැඩිදුරටත් දැක්වේ.

සබැඳි පුවත්:

පොහොට්ටු ජාතික සංවිධායක ධූරය ධම්මිකට !

පුවත්

ආයෝජන මණ්ඩල සේවකයෝ පාරට බසිති

Published

on

By

‘ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (21) දහවල් 12.00 ට පමණ මහබැංකුව ආසන්නයේ ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ආයෝජන මණ්ඩල සේවකයින් මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වනු ලැබේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved