Connect with us

පුවත්

සජබ විරෝධතාවයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

Published

on

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා කොළඹ නගර සභාව ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මේ අතර, විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.

මෙම විරෝධතා රැළියට එරෙහිව අද දිනයේදී අධිකරණ නියෝග තුනක් ලබාදී තිබුණු අතර, එම නියෝග මගින් විරෝධතාකරුවන් හට කොළඹ නගරයේ ඇතුල් විය නොහැකි ප්‍රදේශ රැසක් නම් කර තිබුණි.

කෙසේවෙතත්, අදාල විරෝධතාකරුවන්ට සිය භාෂණයේ නිදහස භාවිත කිරීම උදෙසා කිසිදු බාධාවක් සිදුනොකරමින් ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කිරීම සඳහා අධිකරණය බලප්‍රදේශයට අයත් පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණය හා හයිඩ්පාක් පිටිය සුරක්ෂිත ලෙස ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබීමටත් එම පිටි තුළ විරෝධතා දැක්වීමට බාධාවක් සිදුනොවුන ඇති බවත් ඒ සඳහා අවසර ලබාදෙන බවත් මාළිඟාකන්ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

සබැඳි පුවත් :

පුවත්

අක්මීමන වෙඩිතැබීමක්

Published

on

By

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (23) අලුයම 5ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර, ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ.

අදාළ සේවකයා විසින් මීට පෙර ඔහුට දුරකථන ඇමතුම් ඔස්සේද තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, එම පුද්ගලයා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Continue Reading

පුවත්

දේශ­බන්දු අද පරී­ක්ෂණ කමි­ටුවට සාක්ෂි දෙයි

Published

on

By

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව හමුවේ වග­උ­ත්ත­ර­කාර දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අද (23) සාක්ෂි දීමට නිය­මි­තය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරී­ක්ෂණ කමි­ටුව අද (23) පෙර­වරු 9.30ට පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී රැස්වී­මට නිය­මි­තය.

මෙම දින 03 තුළ වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ සාක්ෂි­ක­රු­වන් 15 දෙනකු කමි­ටුව හමු­වට පැමි­ණී­මට නිය­මිත බව වග­උ­ත්ත­ර­කාර පොලි­ස්ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහතා කමි­ටු­වට දන්වා සිටි­යේය.

Continue Reading

පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

Published

on

By

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 සිට 50 දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ , හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved