Connect with us

පුවත්

අවලෝකිතේශ්වර ඇපමත මුදා හරී

Published

on

බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කරන තිබේ.

රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇත.

 බුදු දහමට අපහාස කිරීම යන චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට පසුගිය ජනවාරි 24 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

අනතුරුව සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඔහුට අවශ්‍ය මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස අධිකරණය නියෝග කළේය.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය.

සබැඳි පුවත් :

අවලෝකිතේශ්වර CID අත්අඩංගුවට

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

Published

on

By

සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින් මෙම ඇප නියම කරන ලදී.

මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවය.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම අධිකරණයෙන් වළක්වයි

Published

on

By

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධූර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

එහිදී  අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටියද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව, වගඋත්තරකාර තේරීම් භාර නිලධාරියාගේ නීතිවිරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරුතහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූව ඒ තුළින් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවාවලට දැඩි අගතියක් සිදුවන බවය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ  වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා සහ වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස් යන අය වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

Continue Reading

පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

Published

on

By

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved