බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කරන තිබේ.
රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇත.
බුදු දහමට අපහාස කිරීම යන චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට පසුගිය ජනවාරි 24 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.
අනතුරුව සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඔහුට අවශ්‍ය මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස අධිකරණය නියෝග කළේය.
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය.
සබැඳි පුවත් :
අවලෝකිතේශ්වර CID අත්අඩංගුවට