පසුගියදා මෙරට සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන බලපෑම පිළිබඳව මතුවී ඇති ගැටලු හා අදහස් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා ලෙස USAID ආයතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
ඇය මෙලෙස පවසා ඇත්තේ දෙදෙනා අතර, ඊයේ (13) පැවති කතාබහකදීය.
මේ සම්බන්ධයෙන් USAID විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන්ද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක හා උපදේශන ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි.
දුෂ්කර ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ සමඟ කටයුතු කිරීමට USAID දරණ කැපවීමද පවර් මහත්මියද මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇමෙරිකාව ලබාදෙන ප්‍රබල සහයෝගය පෙන්වා දෙමින්, පවර් මහත්මිය වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ ඉහත පනතෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන බලපෑම පිළිබඳව මතුවී ඇති ගැටලු හා අදහස් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා ලෙසයි.