Connect with us

පුවත්

සුරතල්ලු රට පන්නන්න ගිය ඉන්දියානුවෝ කොටු වෙයි

Published

on

තායිලන්තයේ සිට ඉන්දියාවට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සාහ කළ වර්ග 13කට අයත් සතුන් 87ක් සහ ඉන්දීය ජාතිකයන් 6 දෙනකු ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එම සතුන් අතර දුර්ලභ වර්ගයේ රතු පැන්ඩාවකු, ටැමරින් වර්ගයට අයත් වඳුරකු, දුර්ලභ වර්ගයකට අයත් වලස් පැටවකු, විවිධ කටුසු වර්ග, රතු ඇස් සහිත ලේනුන්, මීයන්, විශාල හොටක් සහිත ගිරවුන් ඇතුළු කුරුල්ලන් සහ සර්ප වර්ග සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. 

සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබු භාජනවල එම සතුන් අසුරා තිබූ බවත්, ඉන්දියාවේ මුම්බායි නගරය වෙත රැගෙන යෑමට නියමිතව තිබූ බවත් රේගු නිලධාරින් අනාවරණය කරගත් බව ද වාර්තා වේ.

වේවැලින් තනන ලද විශාල කූඩයක රතු පැන්ඩා සිටි බවත්, ප්ලාස්ටික් බඳුනක ටැමරින් වඳුරා සිර කර තිබූ බවත් රේගු නිලධාරින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන්ගේ ඇඳුම් බෑග් තුළ අසුරා තිබූ ප්ලාස්ටික් ආහාර බඳුන්වල සර්පයන් 21ක් සොයා ගෙන ඇති අතර, විවිධ වර්ගවලට අයත් කුරුල්ලන් 15 ක්ද ඒ අතර සිටි බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නියමිත අතර, වරදකරුවන් බවට පත්වුවහොත් අවම වශයෙන් වසර 10ක සිර දඩුවම් නියමවනු ඇතැයි ද වාර්තා වේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved