Connect with us

පුවත්

ආණ්ඩුවේ ඇත්තෝ කුලියට පදින වාහන බිල කෝටි 256ක්

Published

on

රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සඳහා වසරකට ගෙවන මුදල රුපියල් දෙසිය පනස් හය කෝටි විසි ලක්ෂයක් (රුපියල් මිලියන 2562ක්) බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අසන ලද ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබූ පිළිතුරකින් මේබව හෙළිව තිබේ.

මෙම මුදල ගෙවන්නේ කුලියට ගෙන ඇති වාහන හාරදහස් හාරසිය විසි හතක් වෙනුවෙනි.

මෙලෙස වාහන කුලියට ගෙන ඇත්තේ රාජ්‍ය ආයතනවල වාහන හැට නවදහස් එකසිය විසි එකක් ධාවන තත්ත්වයේ තිබියදීය.

මේ අතරින් වාහන දාහත් දහස් නවසිය පනස් හතරක් අර්ධ රාජ්‍ය ආයතනවලට අයත් ඒවා බව පැවසේ.

මෙම දත්තයන් සකස් කර ඇත්තේ මෙම මස පළමුවැනිදා වනවිට යාවත්කාලීන කර තිබූ තොරතුරු පදනම් කරගෙනය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved