Connect with us

පුවත්

කතෝලික සභාව ඇතුලේ කඹ ඇදිල්ලක්: පාස්කු සැමරුම් කොටඋඩ යන ලකුණු 

Published

on

කතෝලික සභාව අභ්‍යන්තරයේ ඇතිව තිබෙන කඹ ඇදීමක් හේතුවෙන් පාස්කු ප්‍රහාරයට වසර 05 ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් කටයුතු සංවිධානය කිරීමට ගැටලු මතුව ඇතැයි කතෝලික සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් ධීවර සමිති සහ කතෝලික සභාව අතර ගැටුම, කතෝලික ලේඛක හවුලේ නිලධාරීන් හා එහි උපදේශක පියතුමා අතර ගැටුම ඇතුළු තත්ත්වයන් මේ බෙදීමට හේතුවී ඇති බව පැවසේ.

මේ අතර, පාස්කු ප්‍රහාරයට වසර 05 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සැමැරුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සටන් කරමින් සිටින සිවිල් සංවිධාන සහ පුද්ගලයන් සදහා දැනුම්දීමක් නොකර කතෝලික සභාව තුල සිටින පියවරුන් පමණක් තීන්දු තීරණ ගනිමින් එය සංවිධානය කිරීමට යාමෙන් මේ තත්ත්වය තවත් බරපතල වී ඇති බව වාර්තා වේ. 

මීගමුව ලෙල්ලම සම්බන්ධ ප්‍රශ්නය දෙපාර්ශවයම අතර සාකච්ඡාවක් කරමින් කතෝලික සභාව තුළ බෙදීමක් ඇති නොවන පරිදි විසදීමට කතෝලික සංවිධාන සහ සිවිල් සංවිධාන රැසක් මැදිහත්කරුවන් වශයෙන් කටයුතු කරමින් සිටියත් කතෝලික සභාවේ පියතුමන්ලාගේ පාර්ශවයෙන් ඒ සඳහා නමයශීලීබවක් සහායක් නොදැක්වීම නිසා ඒ සදහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් සිටින කණ්ඩායම් රැසක් කළකිරීමට පත් වී ඇති බවද පැවසේ. 

මේ අතර, කතෝලික ලේඛක හවුල ලේඛකයින් අතින් ගලවාගෙන පසුගිය රජයේ ඕනෑ එපාකම් අනුව කටයුතු කළ කිහිප දෙනෙක් අතට පත්වී ඇති බවට ජෙයෂ්ඨ කතෝලික ලේඛකයින් රැසකගෙන් චෝදනා එල්ලව ඇත.

එසේම කාරක සභාව පත් කිරීමේදී බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත් නිලවරණයේ යෝජනා ස්ථරත්වයෙන් පත් කළ කාරක සභා සාමාජිකයින්ගේ නම් ඉවත් කර සභාපතිට ලේකම්ට අවශ්‍ය කිහිප දෙනෙකුගේ නම් ඇතුලත් කර ඇති බවටද ඔවුහු චෝදනා කරති.

මේ අතර, කතෝලික ලේඛක හවුලේ නිල වට්ස් ඇප් ගෲප් එක තුළ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් අහෝසි කර අනිත් සාමාජිකයින්ගේ ප්‍රශ්න කිරීම්, අදහස් ප්‍රකාශ කිරීම් සියල්ල මකා දමන බවත් ලේඛකයින්ගේ තිබිය යුතු අවම සදාචාරයවත් කතෝලික ලේඛක හවුලේ නිලධාරින් තුළ නැති බවත් මේ සම්බන්ධයෙන් කතෝලික ලේඛක හවුලේ උපදේශක පියතුමා වන කතෝලික ජන සංනිවේදන අධයක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමාව දැනුවත් කිරීම සිදු කළත් එතුමා හැසිරෙන්නේ එම අකටයුතුකම් අනුමත කරන ආකාරයට යැයිද ඔවුහු චෝදනා කරති.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved