රුපියල් කෝටි ගණනක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක් කළැයි චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලිකසමාගමේ සභාපති සෑම් බස්නායක ඇතුළු තිදෙනකු ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තුවක් ඊයේ (11) නිකුත් කළේ ය.
මෙම පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවකු බව කියන ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස් විලීස් නමැති අය සහ පිරමීඩ නඩුවේ 06 වන සැකකරු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කර ඇප ලැබීමෙන් අනතුරුව මෙරටින් පලා ගොස් තිබෙන ඔන්මැක්ස් ඩී.ටී. පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය නිර්මාණය කරන ලද ‘‘වී ටෙක්’’ මෘදුකාංග ආයතනයේ හිමිකරුවන මෘදුකාංග ඉංජිනේරු ගයාන් චාමර වික්‍රමතිලක යන දෙදෙනාද ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් මත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එම නියෝග නිකුත් කළේ ය.
අදාළ විවෘත වරෙන්තු ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියම කළේ ය.
මෙම මහා පරිමාණ පිරමීඩ ජාවාරම ඉකුත් 2022 වසරේ සිට කර තිබෙන බවත්, මෙම ඔන්මැක්ස් ඩී. ටී. පුද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කළ මූල්‍ය ආයතනයක් ලෙස නම්කර පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවද දිගින් දිගටම පිරමීඩ ජාවාරම කර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සබැඳි පුවත්:
OnmaxDT ලක්ෂ 17ක වංචාවක් කළ බවට තවත් නඩුවක් අධිකරණයට
පිරමීඩ ජාවාරම ව්‍යාප්ත කරන්න හවුල්වූ අයෙකුගේ BMW කාරයට ගිනිතියලා
Onmax DT වංචාව ගැන ජනපතිට රහස් ලිපියක්; ඇමති පුතෙකුටත් චෝදනා!
Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා
Onmax DT ටීම් එක එළියේ ඉන්න ඩීල් එක; සල්ලි ජෝර්ජියාවේ ගිනුමකට මාරුකරලා