Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමට නියමිත 17 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ. 

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංචිතය අනුමත කර ඇත.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 22 වැනිදා සිල්හේ හි SICS හිදී ආරම්භ වේ

ටෙස්ට් සංචිතය : 

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්, ලහිරු කුමාර සහ චාමික ගුණසේකර

ක්‍රීඩා

ස්කොට්ලන්තය පැරදූ කාන්තා පිලත් T20‍ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Published

on

By

අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළහ.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

චමරි අතපත්තු ලකුණු 102යි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 101ක් පමණයි.

උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 68කින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණි.

Continue Reading

ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා නිල අනුග්‍රාහකත්වය “Amul”ට

Published

on

By

ICC පිරිමි T20   ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය මේ වනවිට ඉන්දියානු සමාගමක් විසින් බාරගෙන තිබේ.

ඒ ජාත්‍යන්තර මට්ටමේ කිරි නිෂ්පාදන සමාගමක් වන Amul සමාගමයි.

ඒ අනුව මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස Amul සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය දක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූවේ,

“Amul ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්, ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමඟ සම්බන්ධ වීම ස්ථිර වශයෙන්ම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතර එහි සන්නාම දෘශ්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත,”
යනුවෙනි.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟ  2024 ජුනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට

Published

on

By

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර,

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණි.

ඒත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමිවිය.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved