Connect with us

පුවත්

ලංකාවට ආවේණික කණාමැදිරි විශේෂ 2ක් අලුතෙන් හමුවෙයි!

Published

on

ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගෙන තිබේ.

මෙම සොයාගැනීම සිදුකරගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන් මහතා ඇතුළු පිරිසක් විසිනි.

ආචාර්ය විජේකෝන් මහතා සඳහන් කළේ, 2009 වසරේ සිට කළ පර්යේෂණ වලින් වලස්මුල්ල, රම්මලේ වනාන්තරය ආශ්‍රිතව මෙම කණාමැදිරි විශේෂ දෙක හඳුනා ගත් බවයි.

පුවත්

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි

Published

on

By

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08)  රීට් ආඥාවක්  නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්තුව ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යවන ජාවාරමක්

Published

on

By

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී තිබේ

ත්‍රිවිධ හමුදාවේ  සේවය කර විශ්‍රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාදෙන බවත් පවසමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බවයි හෙළිවී ඇත.

යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

මේ අතර රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ධව මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එම ජාවාරමට හසුනොවන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන්නන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කරන ලෙස නාවික හමුදාව ඉල්ලා සිටී.

011 7192142 හෝ 011 7192250 යන දුරකතන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකියි.

Continue Reading

පුවත්

ලංකාවේ අධ්‍යාපනයට කොරියාවේ සහය

Published

on

By

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව කරුණු සාකච්ඡාවට බඳුන් විය.

වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළ කලේය.

ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved