Connect with us

පුවත්

ඉඩම් කොමා, RMVයේ සියදී මිනිකූපරයක් ත්‍රීවීලරයක් කරලා!

Published

on

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට සහ මෝටර් රථ ප්‍රවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ වාහන පිළිබඳව රථ වාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර වෙනත් වාහන අංක යටතේ ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 26 කට අධික පාඩුවක් කළ බවටද අල්ලස් කොමිසම විත්තිකරුවන්ට චෝදනා කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම වරද කර ඇතැයි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ සඳහන් කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නෝ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාරි කළ රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග (විදේශ ගතවී), චන්න රෝහිත, ධර්මරත්න බණ්ඩා සහ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයේ හිමිකරු බව කියන අජිත් කුමාර වලිසුන්දර නමැත්තෝය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පවරා ඇත.

මූලාශ්‍රය – ලංකාදීප 

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved