Connect with us

පුවත්

විජේදාසත් ජනපති සටනට ?

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ  සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවුවද, අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස  සහභාගිවිය.

ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ  ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමා එහිදී  දේශනයක් පැවැත්වූ බව රාජපක්ෂ මහතා මාධ්‍යට පවසා තිබේ.

එසේම විජේදාස මහතා ශ්‍රීලනිපයට අලුත් අයකු නොවන බවත්, තමා ශ්‍රීලනිපය පක්ෂය සමග දේශපාලනය කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිගේ කාලයේ සිට බවද පවසා තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ ඇත්තේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගය.

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයත්, ශ්‍රීලනිපයේ ප්‍රබලයන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන තිදෙනා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමත් සමඟ ඔහු මේවන විට විශාල ආන්දෝලනාත්මක චරිතයක් වී තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved