Connect with us

පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රී රැස්වීමට ජනපති නොයයි; ගෙනා යෝජනාවකටත් විරෝධය

Published

on

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු ( සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ඊයේ (01) දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී එම සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ අතර එම අවස්ථාවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහුද එක්ව සිටියහ.

පනතේ බලතල පැවැරීමට යන ක්ෂේත්‍රයේ වගන්ති මෙසේ සඳහන් වෙයි.

‘‘ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය යැයි සලකන්නේ නම් බැංකු පනත යටතේ ඇති බලතල රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන්ට, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලයට නොඅඩු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට හෝ මහ බැංකුවේ එවැනි නිලධාරීන්ගෙන් සමන්විත ඕනෑම කමිටුවකට පැවරිය හැකි වන පරිදි ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.’’

මෙම බලතල පැවරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු දැඩි විරෝධය පල කර ඇති අතර ඊට මහ බැංකු නිලධාරීන් පිිළිතුරු ලබා දී ඇත.

මුදල් බලතල පාර්ලිමේන්තුව සතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

බැංකු අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා, නීති විරෝධී ක්‍රියා සිදු කළ පුද්ගලයන් පත් කිරීමටද විරෝධය පළ කරන බව මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

‘‘ බැංකු වල ප්‍රධාන කොටස් හිමියන්ගේ යෝග්‍යතාව, අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරියාගේ හා ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ සුදුසු බව’’ යන වගන්තියට අනුව අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී පත් කරන පුද්ගලයන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවෙන් වාර්තා ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතාන‍ගේ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී අද (02) විවාදයට ගැනීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) එක්ව නැතැයිද වාර්තා වේ.

පුවත්

ගාල්ල බන්ධනාගාරය තුළට උඩින් ආ පාර්සලය

Published

on

By

ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා ඇති මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලක් විසි කර තිබේ.

එම පාර්සලය බන්ධනාගාර නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක්, දුරකථන චාජර් 01ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය විමර්ෂණයක් පවත්වයි.

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන “ජාතික අනතුරු නිවාරණ සතිය”

Published

on

By

ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) ආරම්භ වේ.

ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 10000- 12000 අතර පිරිසක් මිය යන බව, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම අනතුරු වලින් සිදුවන වාර්ෂික මරණ අතරින්, 7500 – 8000ත් අතර පිරිසක් රෝහල්ගත කිරීමටත් පෙර මියයන බවයි.

මේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ ඒකකයේ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

Continue Reading

පුවත්

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණි.

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබුණි.

විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු Fulbright ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ හිමිකර ගත් අයෙකි.

1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002  වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම්වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.

ඒ අනුව ඔහු අගමැතිවරුන් 7 දෙනෙකු හා ජනාධිපතිවරු තිදෙනෙකු යටතේ ලේකම් ධුරයේ සේවය කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved