Connect with us

පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත යළි කෙටුම්පත් කරන්න යයි

Published

on

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මැදිහත්වීම හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත නැවත කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන බව එම කාරක සභාවේදී තීරණය කෙරුණි.‍

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙසේ තීරණය විය.

ප්‍රජා-මූලක සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම් සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් මෙම පනත් කෙටුම්පත නැවත සලකා බැලීම සම්බන්ධයෙන් පෙර කමිටුවාරවලදී අදහස් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ උපදෙස්ද ලබාගනිමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදි.  

විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මෙම පනත් කෙටුම්පත කාරක සභා‍වට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවිධ පාර්ශ්ව වල අදහස වූයේ මෙම කෙටුම්පත මගින් මේ වන විට සමාජයේ පවතින ප්‍රධානම අවශ්‍යතාවන් ආමන්ත්‍රණය කොට නැති බවයි. ‍එබැවින් මෙම පනත් කෙටුම්පත මගින් මෙරට ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ගැටලු සහගත තත්ත්වයකට පත් වනු ඇති බවද ඔවුන්ගේ අදහසු වුණි.

මෙසේ සියලු පාර්ශ්ව වල අදහස් ලබාගැනීමෙන් අනතුරුව පවත්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඉවත් කොට නව පනත් කෙටුම්පතක්  නැවත කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන බව මෙහිදී නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස්වලට සවන් දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය ප්‍රසාදය පළ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව විසින් ඉටු කරන වැදගත් කාර්යභාරයන්ට මෙය  නිදසුනක් වන අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වඩාත් කාර්යක්ෂමව තම කටයුතු ඉටු කරමින් මහජනතාවගේ යහපත වෙනුවෙන් ව්‍යවස්ථාදායකයේ අධීක්ෂණ කාර්යය ඉටු කිරීම  පෙන්නුම් කළ වැදගත් අවස්ථාවකි.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රවුෆ් හකීම්, නිමල් ලාන්සා, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි, දුමින්ද දිසානායක, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, මධුර විතානගේ යන මහත්වරු මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved