ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික නොමැති කර්මාන්ත ශාලාවක නිපද වූ ජීවනී පැකට් ලක්ෂ දොළහක් මිලදී ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාදුන් අවසරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව පිළිබඳව නිවැරැදි තත්ත්ව පරීක්ෂා වසර නවයක් තිස්සේ සිදු නොකිරීමට අදාළ හේතු ද විමර්ශනය කළ යුතුව ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දුන්නේය.
මෙම ජීවනී පැකට් තොගය ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නිකුත් කර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ජාතික ඹෟෂධ නියාමන අධිකාරියට ඉකුත් 2023 දෙසැම්බර් 29 දින ලිපියක් යොමු කර ඇති නමුත්, දේශීය නිෂ්පාදනයක් සඳහා එම ලියාපදිංචි සහතිකය අතහැර ගෙන්වීමේ අවසරයක් අදාළ වන්නේ කෙසේද යන්න විශාල ගැටලුවක් බව ද ඔහු අවධාරණය කළේය.
පසුගිය මාසයේදී මිලදී ගත් මිලියන හැටක පමණ වටිනාකමකින් යුතු මෙම ජීවනී පැකට් තොගය මේ වනවිට රෝහල්වලට බෙදාහැර ඇති අතර පවතින තත්ත්වය මත ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳව බරපතල සැකයක් මතුවන බව රවි කුමුදේශ් කීවේය.
සබැඳි පුවත්:
SPC එක ප්‍රමිතියෙන් තොර ජීවනි පැකට් ලක්ෂ 12ක් හදල විකුණලා
ෆාමසිවල ජීවනී නැහැ: මාසෙකින් ඇවිත් නැහැ