Connect with us

ක්‍රීඩා

වනිදු IPL වලින් ඉවතට

Published

on

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

එසේම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවය.

මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබේ.

ක්‍රීඩා

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය (සජීව විකාශය)

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි සජීවී විකාශය :- 

Continue Reading

ක්‍රීඩා

කුසල්ට වීසා ලැබෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් හට අමෙරිකානු වීසා ලැබී තිබේ.

ඒ, ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ඔහු ඉදිරි‌යේ දී අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ බව සඳහන් වේ.

Continue Reading

ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වේ.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දේශීය හා විදේශීය ක්‍රිඩකයින් ගණන 420කි.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්ය.  

ප්‍රකට ඉන්දීය වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙම වෙන්දේසිය මෙහෙයවනු ලැබේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග්, LPL  ක්‍රිකට් තරඟාවලිය ජූලි 01වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වීමට නියමිතය.

පල්ලේකැලේ, දඹුල්ල සහ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇත

තරඟාවලිය ජූලි 21වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved