Connect with us

පුවත්

13, 14 වගේම 15 ත් විවෘත කර තැබීමට තීරණයක්

Published

on

එළඹෙන උත්සව සමය තුලදී වුව ද ලබන 13, 14 සහ 15 යන තෙදින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල විවෘතව පවතින බව දැනුම් දෙයි.

එම වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා විසින් මේ පිළිබඳව  සඳහන් කරන ලදී.

අවුරුදු සමයේ ජනතාවගේ පහසුව උදෙසා මෙලෙස වෙළඳ මධ්‍යස්ථානය විවෘතව තබන බව ඒ මහතා විසින් වැඩිදුරටත් පැවසූ අතර අවශ්‍ය තරම් මාළු තොග පවතින බවත්, මිලෙහි වෙනසක් සිදු නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

පුවත්

තිස්ස සජබයට

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින්න සමගි ජන බලවේගය හා එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයේ ද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එතුමා සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

Continue Reading

පුවත්

වැලිපැන්න පිවිසුම විවෘත කරයි

Published

on

By

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලුම දොරටු මීට සුළු මොහොතකට පෙර වාහන ධාවනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පෙරේදා (01) දහවල් සිට අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන්  පස්වරුවේ සිට වැඩි පැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබිණි

Continue Reading

පුවත්

නිල්වලා ගඟේ ගල් බැම්ම උතුරා යාමේ අවදානමක්

Published

on

By

කළු, නිල්වලා සහ ගිං ගංඟා තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කිරිඇල්ල, මිල්ලනිය, ඉංගිරිය,හොරණ,දොඩංගොඩ,බුලත්සිංහල,පාලින්දනුවර සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

නිල්වලා ගඟේ ගල් බැම්ම උතුරා යාමේ අවදානමක් ද මතුව තිබේ.

අත්තනගළු ඔය සුළු ගංවතුර මට්ටමෙත් තවදුරත් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved