Connect with us

පුවත්

අගමැති අවුරුදු සුබ පැතුම

Published

on

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත් ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. මෙලෙස නැකැත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ.

ස්වභාවධර්මයා සමඟ ගනුදෙනු කළ අපේ මුතුන්මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය. ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාව, සකසුරුවම, අපේකම, සමගිය පිළිබඳ යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියාත්මකභාවයයි.

ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණදී, රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුයි. පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටුවෙමු. ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading

පුවත්

හෝමාගම මාර්ගයකින් තරුණයෙකුගේ මළසිරුරක් හමුවේ

Published

on

By

වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ.

පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බවටය.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved