Connect with us

පුවත්

සුනඛයින් වෙනුවෙන් ගුවන් සේවාවක්

Published

on

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් 11වැනි දා එම සමාගම මේ බව නිවේදනය කළේය.

ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී ති‌බේ.

නිව්යෝර්ක් හි සිට පිටත්වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබාදී ඇත.

කෙසේ වෙතත්, සුනඛ හිතකාමී ගුවන් ගමන සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

ඒ අනුව දැනට, එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇත.

පුවත්

වැස්සෙන් දුම්රිය ධාවනයට බාධා

Published

on

By

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද ( 21)  අලුයම සිට පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ දැනට දිනකට කොළඹ සිට පුත්තලම දක්වා දුම්රිය හතරක් ද පුත්තලම සිට කොළඹ දක්වා දුම්රිය හතරක් ද වශයෙන් ධාවනය කෙරේ.

Continue Reading

පුවත්

යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

Published

on

By

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.

එම කාල සීමාව තුළ සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කරන ලදී.

ඉහත කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සමාජිකයින් 373 දෙනෙකු සඳහා ද නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වීමට කටයුතු සලසා දී තිබේ.

Continue Reading

පුවත්

කොළඹ – පුත්තලම ගමනාගමනයට බාධා

Published

on

By

ලුණුඔය පිටාර ගැලිමෙන් කොළඹ පුත්තලම මාර්ගයේ මහඔය ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අද (21 ) පැවසිය.

පාරු ඔයේ ජලය ගලාවිත් ලුණූඔය පාලමින් කොළඹ පුත්තලම මාර්ගය අසලින් මෙසේ ජලයෙන් සම්පුර්ණයෙන් යටවී ඇති බව පැවසේ.

ආපදා කළමණාකරන ඒකකයේ නිළධාරීන් පවසා සිටියේ මෙම ජල මට්ටම දහවල් වන විට වැඩිවිමේ අවදානමක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමේදි ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved