Connect with us

පුවත්

දවස දවස ගණන් උස්සන කුකුල්ලු

Published

on

වෙළෙඳපොලේ බිත්තර මිල යලිත් වරක් ඉහළ ගොස් ඇති පසුබිමක කුකුළු මස් මිලද අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගික චෝදනාවයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද සමඟ එළඹි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර සහනදායී මිලකට ජනතාවට ලබා දෙන බවට රජය පොරොන්දු වූ නමුත් එවැනි තත්ත්වයක් වෙළෙඳපොලේ දක්නට නොමැති බවට ජනතාව විසින් චෝදනා කරනු ලබයි.

මේවන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500 ක මිලකට ඉහළ ගොස් ඇති අතර, මීට පෙර කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 1,100 ක මිලකටයි.

උත්සව සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස විසින් බිත්තරයක් රුපියල් 42 සිට රුපියල් 36 දක්වා අඩු කිරීමටයි පියවර ගත් නමුත්  අද වන විට දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති අතර දේශීය බිත්තරයක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 38 මිලකටයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ ඉදිරි දිනවල ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල යළි පහළ යනු ඇති බවයි.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මින් පෙර අවස්ථාවක සඳහන් කලේ යළිත් වරක් බිත්තර මිල ඉහල ගියහොත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බවය.

පුවත්

ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු ජනපතිවරුන් සුහද සාකච්ඡාවක

Published

on

By

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු විය. 

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කමද අවධාරණය කෙරිණි. 

1956 දී පැවති බැන්ඩුන්ග් සමුළුවට සහභාගිවීම දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතාව සිහිපත් කරමින් සිය අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය සහයෝගීතාව වර්ධනය කිරීමේදී එවැනි සමුළුවල පවතින වැදගත්කම ද පැහැදිලි කළේය. 

එසේම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවලදී ඉන්දුනිසියානු ජනාධිපති විඩෝඩෝ මහතාගේ නායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය. 

ජල කළමනාකරණය පිළිබඳ තීරණාත්මක කාර්යභාරය ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ලෝක ජල සමුළුවේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජල සම්පත් කළමනාකරණයේදී රටවල් මුහුණ දෙන පොදු මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ද පළ කර සිටියේය. 

සන්ධාන ලේකම් කාර්යාලයක් ද පිහිටුවීම පිළිබඳව ඉන්දුනීසියාව වෙත සිය ප්‍රශංසාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට එහි පවතින වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.

ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර  ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ඉන්දුනිසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙස ද  ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එරට විශාලතම පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ඉන්දුනීසියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සඳහන් කළ විඩෝඩෝ මහතා තිරසාර ජල කළමනාකරණය සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජලය සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සහ දේශපාලන නායකත්වයේ වැදගත්කම  පැහැදිලි කළේය. 
එමෙන්ම ඉන්දියන් සාගර කලාපීය වටද්දර රටවල සංගමය සඳහා  ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිගන්නා බව සඳහන් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඒ සඳහා සිය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඉන්දියාව සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව දැනට එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව සමඟ පවතින සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් 2025 මුල් භාගය වන විට ඉන්දුනීසියාව සමඟ වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කළේය. 

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වීම අනෙකුත් දකුණු ආසියානු රටවල් වලටද ඊට ඇතුළත් වීම දිරිමත් කරනු ඇති බව ද සඳහන් කළේය. 

දැනට පවතින ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළ අතර ඉන්දුනීසියානු ඖෂධ, ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවට සහතික විය.

ඉන්දියන් සාගරයේ කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ආසියාන් සංවිධානයේ ඉන්දු පැසිෆික් ඉදිරි දැක්ම සඳහා සහය දක්වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය සාගර කටයුතු සම්බන්ධයෙන් සමීප ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාවක අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
කලාපීය වාණිජ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ රජයන්හි ප්‍රධානීන් අතර නිරන්තර රැස්වීම් පැවැත්වීම මෙන්ම ඉන්දුනීසියාව සමඟ නිශ්චිත ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.
තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ කාර්යභාරය අවධාරණය කරමින් ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානයට සම අනුග්‍රහය දැක්වීම පිළිබඳව ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා ශ්‍රී ලංකාවට සිය ස්තූතිය පළ කළේය. 
මෙම මුලපිරීම වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා දෙරටේම අදාළ අමාත්‍යාංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. 

නුදුරු අනාගතයේදී තමාගේ ජනාධිපති ධුරයේ කාලසීමාව අවසන් වීමට නියමිත බව සඳහන් කළ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා, ඉදිරියේදී බලයට පත්වන ඉන්දුනීසියානු නව පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ඉන්දුනීසියාවේ නව නායකත්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මහතා වෙත පුද්ගලික ආරාධනයක් ද සිදු කළේය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

හෙට ශෝක දිනයක්  ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Published

on

By

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ‌තිබේ.

රජයේ සියලු ආයතනවල ජාතික ‌ධජය  හෙට (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩිදුරටත් දන්වා සිටී.

Continue Reading

පුවත්

ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් 2ක් 22දා මැතිසබේට

Published

on

By

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක  පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 
ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත ම්ට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත”  ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

මෙරට ආර්ථිකයට ඉතා වැදගත් පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙනවා. මින් එක් පනත් කෙටුම්පතක් වන්නේ යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කෙරෙන“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”(Economic Transformation law)යි. මෙම පනත් පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබූවක් නොවෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් බව පැවසිය යුතුයි. පසුගිය සමයේ බිඳ වැටුණු ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වය දක්වා ගෙනවිත් තිබෙනවා. එම තත්ත්වය ඉදිරියට ද රැකගැනීමට අවශ්‍යයි.

ඒ වගේම යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුව තිබෙනවා. ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර රාජ්‍ය මූල්‍ය මනා ලෙස කළමනාකරණය සඳහා “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වැඩසටහන තුළ අපට පෙන්වා දුන් කරුණක් වනවා. ඒ වගේම මෙය රටේ ඉදිරි මූල්‍ය කළමනාකරණයේ දී ඉතාමත් වැදගත් වන පනත් කෙටුම්පතක් බව ද පැවසිය යුතුයි. 

එමෙන්ම මෙම පනත් කෙටුම්පත් දෙකම මෙරට ආනාගතයට ඉතාම තීරණාත්මක වන බව සඳහන් කළ යුතුයි. මෙම කෙටුම්පත් දෙක තුළ තාක්ෂණික කාරුණු රැසක් ඇතුළත් වනවා. මේ හරහා බලාපොරොත්තු වන්නේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති නව ආර්ථික ගමන් මඟ වෙනස් නොකර ආර්ථිකය පිළිබඳව විශ්වාසය තවදුරටත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීමයි. 

මෙහිදී ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ තව දුරටත් විස්තර කළහොත් එය අප රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉතා වැදගත් වනවා. 2023 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවල ආර්ථික සංකෝචනයක් සිදුවුණා. නමුත් හතරවන කාර්තුවේ 4.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ලැබුවා. ඒ සමඟ මෙරට පහලම මට්ට්ම දක්වා ආර්ථික වාසිය ගලාගෙන යාම ආරම්භ වුණා. 
ඒ වගේම මෙරට ආර්ථික තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථිකයට ගෝලීය වශයෙන් පැමිණිය හැකි අභියෝග සඳහා මුහුණ දියහැකි තත්ත්වයට  පරිවර්තනය කිරීම, ගෝලීය සහයෝගීතාවය මනාව පවත්වාගෙන යාම සහ වර්ධනය කීරීම අවශ්‍යයි. එපමණක් නොවෙයි, වෙනස් විය යුතු තැන්වලවදී වෙනස් වීම වැනි කරුණු ද මෙම පනත් කෙටුම්පතින් ආවරණය වනවා.  

විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම, වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජනය විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වනවා. 

තවද  ශ්‍රී ලංකාවේ නව ආර්ථික කොම්ෂන් සභාවක් පිහිටුවීම, තරගකාරීත්වය තුළ ආයෝජන ආකර්ශනය කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කීරීම, ආයෝජකයන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවීම, අපනයනය සම්බන්ධයෙන්වූ අදාළ ආයතන පිහිටුවීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුවන බව සඳහන් කළ යුතුයි. 

විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන් අප විසින් ගත් තීන්දු පාර්ලිමේන්තුව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා. 2022 වර්ෂයේ රාජ්‍ය ණය අනුපාතය 128% ක් ලෙස පැවතුණා. එය 2032 වසර වන විට  95% කට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාමට අවශ්‍යයි.

ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6 %ක්ව පැවති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13% වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම අවශ්‍ය වනවා. 

එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. අප උත්සහ කරන්නේ ණය ගෙවාගත හැකි ණය තිරසර භාවයෙන් යුතු රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමටයි. 2022 වර්ෂයේ 9.4% ක්ව පැවති  ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5% කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා. 

රට වෙනුවෙන් සපුරාගත යුතු මෙවැනි නිෂ්චිත ඉලක්ක සහ රටේ ආර්ථිකයට එල්ල විය හැකි යම් අභියෝග පිළිබඳ ගන්නා ක්‍රියා මාර්ග පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් ලෙස මෙය හඳුන්වා දිය හැකි වනවා. 

මෙම පනත් හරහා අවසාන වශයෙන් අප බලාපොරොත්තු වන්නේ තිරසර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම, ණය ගෙවීම තිරසර මට්ටමක පවත්වාගෙන යාම, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම, ආනයනය සහ අපනයනය කළමනාකරණය කිරීම, ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීම හරහා රටේ ආර්ථික දිශානතිය නිවැරදිව මෙහෙය වීම බව සඳහන් කළ යුතුයි. 
ඒ වගේම රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත හරහා විශාල කථිකාවතක් ගොඩ නැඟුණා. පැවති පනතේ දුර්වලතා හඳුනාගෙන අනාගතයේ අවශ්‍යතා සම්පූර්ණ කල හැකි ගැලපෙන නීති රාමුවක් ඉදිරිපත් කිරීම මෙමඟින් සිදු කෙරෙනවා. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved