Connect with us

පුවත්

“බක්මහ අකුණු වලින් ප්‍රවේශම් වන්න” අනතුරු ඇඟවීම්

Published

on

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

නාවිකයන්ට හා ධීවරයන්ට රතු නිවේදනයක්

Published

on

By

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි වන අතර මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට ද දැනුම් දී තිබේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ක් පමණ ඉහළ යෑමේ හැකිවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකිවක් පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved