Connect with us

පුවත්

පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් ගමන් ගත් රථයක් ගිනිගනී

Published

on

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරන අතරතුරදී බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී මෙම රථය ගිනිගැනීමකට ලක්ව ඇත.

අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම වී ඇති බවට වාර්තාවෙයි.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැත.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

පුවත්

මැතිවරණයට පෙර විසඳිය යුතු දේ ගැන ජනපති හා පක්ෂ නායකයින්ට ලිපියක්

Published

on

By

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් අද (21) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

ඔවුන් තම ඉල්ලීම ලෙස ජනාධිපතිතුමන් ඇතුළු සියලුම පක්ෂ නායකයින්ගෙන් ආයාචනා කර සිටින්නේ මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන ලෙසය.

එමෙන්ම රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටුකර ගත් ඒකාබද්ධ ප්‍රයත්නයකට යොමු විය යුතු බව ඔවුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලබයි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් ඊයේ (20) පෙරවරුවේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

අද (21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම්දී ඇත.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 20 වනදා සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බවයි.

අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරොන්දුව පිළිබඳව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයේ නිරත නිලධාරින් සඳහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හෙට පාසැල් නිවාඩුයි ද?

Published

on

By

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සිටී.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved