Connect with us

පුවත්

ජල නාස්තිය අවම කිරීමට මාර්ගෝපදේශ මාලාවක්

Published

on

අනාගතයේදී පාරිභෝගික ජනතාවට ජලය සැපයීම වඩාත් දුෂ්කර කාර්යයක් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

මනු කියවීමට පෙර සහ පසු සිදුවන ජල නාස්තිය අවම කිරීම උදෙසා මෙම මාර්ගෝපදේශ සකස් කර තිබෙනවා.

‘ජල සම්පාදන සැපයුම්කරුවන් සඳහා ජල සැපයුම් සම්බන්ධතා මාර්ගෝපදේශ’ යනුවෙන් මෙම මාර්ගෝපදේශ නම්කර ඇත. 

අදාළ මාර්ගෝපදේශවල සාර්ථකත්වය අනුව ඉදිරියේදී ඒවා නියාමනය කිරීමටද නියමිත වේ.

පවතින මූල්‍ය අර්බුද හේතුවෙන් සියලුම රාජ්‍ය සේවා සපයන්නන් විසින් නව ව්‍යාපෘති හෝ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අභියෝගයක් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

පුවත්

ආයෝජන මණ්ඩල සේවකයෝ පාරට බසිති

Published

on

By

‘ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (21) දහවල් 12.00 ට පමණ මහබැංකුව ආසන්නයේ ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ආයෝජන මණ්ඩල සේවකයින් මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වනු ලැබේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved