Connect with us

පුවත්

බදු සහන ලබන්නන් ගැන තොරතුරු වසන් කිරීමක්

Published

on

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක තීරු බදු සහන මත විද්‍යුත් වාහන ආනයනය කිරීමේ දී බදු සහන ලබන තැනැත්තා ප්‍රසිද්ධ කළ යුතුය යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය උල්ලංඝනය වී තිබෙන බව පසුගිය දා පැවති මුදල් කාරක සභාවේ දී අනාවරණය විය.

මෙම කොන්දේසිය අනුව බදු සහන ලබන තැනැත්තාගේ සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතු නමුත් කම්කරු අමාත්‍යාංශය මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ වාහන ආනයනය කර තිබෙන තැනැත්තන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, සේවය කරන රට පමණක් නොව රැකියාව ද නොමැතිවය.

වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත්තේ ඔවුන්ගේ නම් , විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සහ ආනයනය කළ වාහනයේ වටිනාකම වැනි සාමාන්‍ය තොරතුරු පමණි.

මෙම සාමාන්‍ය තොරතුරුවලට අමතරව අනෙක් තොරතුරු ද ලබා ගන්නා ලෙසට මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.

ඒ අනුව එම තොරතුරු ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

ඊට ප්‍රතිචාර ලෙස කම්කරු අමාත්‍යාංශය දන්වා ඇත්තේ පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීම අවශ්‍ය බව ය.

කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූයේ,

‘‘විනිවිදභාවය අවශ්‍යයයි කියන කොන්දේසිය මූල්‍ය අරමුදලෙන් එන්නේ බොහෝ දූෂණ වංචා සිදු වන නිසයි. දූෂණ වංචා නවත්වන්නයි විනිවිදභාවය ගෙනාවේ. ඒ අනුවයි සියලු තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කළ යුත්තේ. ජාතික හැඳුනුම්පත් අංකය වැනි රහස් තොරතුරු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධ කිරීම ගැටලුවක් වෙන්න විධියක් නැහැ‘‘

බදු සහන වැඩසටහන යටතේ රුපියල් කෝටි ගණන්වල වාහන ආනයනය කර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ද විදේශවල සේවය කරන්නන්ට එම මුදල් ලැබුණේ කෙසේද යන ප්‍රශ්නය තිබෙන බව ද පවසා ඇති සභාපතිවරයා එම නිසා මුදල් අමාත්‍යාංශය ඉල්ලා සිටින තොරතුරු ලබා දීම ගැටලුවක් ලෙස තමන් නොදකින බවත් පවසා ඇත.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved