Connect with us

පුවත්

ජනපති, අගමැති හා විපක්ෂයේ මැයි දින පණිවිඩ

Published

on

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අප සියලුදෙනා වෙත අද පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (01) දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ වෙනුවෙන් සියලුදෙනා සාමූහිකත්වයෙන් වැඩ කළ යුතු බවයි.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව ජනාධිපතිවරයා විසින්  සිහිපත් කර තිබේ.

ජනාධිපතිවරයා පැවසුවේ, නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කරන බවයි.

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.

මේ අතර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත බවය.

එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට කටයුතු නොකළ බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර ඊනියා රැළිවලට නොරැවටී රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අප සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය කම්කරු දින පණිවුඩයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ, මේ වසරේ සියලු දෙනා එක් වී ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනහිතකාමී, ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් සහ නායකයෙක් පත් කර රටක් ලෙස නැවතත් නැගී සිටීමට කාලය එළැඹ ඇති බවය.

මැයි දින පණිවිඩය සඳහන් කරන ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ මෙවර මැයි දිනය පවත්වන්නේ බලය මාරු කළ හැකි ජනාධිපතිවරණයක් අභිමුව සිට බවය.

මෙම වසර හුදු මැතිවරණ වසරක් පමණක් නොව, අපේ රටේ සාතිශය බහුතර ජනතාව අධිෂ්ඨානයෙන් එක්ව, ඉතිහාසය අලුතින් ලියන වසර බවටද පත්ව තිබෙන බව සඳහන් කරන අතර,

එම මැයි දින පණිවිඩය සටහන් කරමින්, සමාජයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් ගැඹුරු සාධනීය වෙනසක් වෙනුවෙන් පෙරට එන ලෙස ඔවුන් ජනතාවගෙන් මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී ඉල්ලා සිටී.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved