හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේය.
අද පස්වරු 3.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශ දීමෙන් පසු පිටව ගියේ ය.
එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබුනේ බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ඖෂධ හදිසියේ මිලදී ගැනීමට අදාළව 2022 සැප්තැම්බර් 26 සහ ඔක්තෝම්බර් 25 ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා පිළිබඳවයි.
රට තුළ ඖෂධ හිඟයක් පවතින බවත් තත්ත්වය වඩාත් බරපතල වන බැවින් ඊට පෙර ඖෂධ තොගයක් මිලදී ගත යුතු බවත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවල සඳහන් කර තිබුණි.
(පෙර පුවත 2025 ජූනි 11 ප.ව.4:04 )
හිටපු ජනපති රනිල් CIDයට එයි (UPDATE)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවට වාර්තා වේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබිණි.
(පෙර පුවත 2025 ජූනි 11 පෙ.ව.9.29 )
හිටපු ජනපති රනිල් අද CIDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
සබැඳි පුවත්