Connect with us

පුවත්

හෙටින් පසුව කාලගුණයේ වෙනසක්

Published

on

ඉදිරි දිනවලදී හෙටින් (08) පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව  සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ක්‍රීඩා

බාබඩෝස් කල්ලා ඇමරිකාවට ජය ගෙනදෙයි!

Published

on

By

විස්සයි විස්ස 2024 ලෝක කුසලාන තරගාවලියේ විශේෂ සිද්ධි හා තොරතුරු දිනපතා Srilankamirror වෙතින් ගෙන ඒමට අප සූදානම්.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී අද (2) කැනඩාව පරදා කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කරන්න ඇමරිකානු පිල සමත් වුණා.

මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියමුවා වුණේ 29හැවිරිදි ආරොන් ජෝන්ස්.

ඔහු පන්දු 40 කදී නොදැවී ලකුණු 94 ක් රැස් කර තරගයේ වීරයා බවටත් පත් වුණා. එම ඉනිමට හයේ පහර 10 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වීම විශේෂ සිද්ධියක්.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම විවිධ රටවලින් පැමිණි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්.

ආරොන් ජෝන්ස් ඇමරිකාවේ නිව්යෝක් නුවර උපත ලැබුවත් ක්‍රිකට් ප්‍රගුණ කළේ කොදෙව්හි බාර්බඩෝස් වලයි.

ඔහු බාබඩෝස් 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කළා. 

පසු කාලයේ ඔහු ඇමරිකාවට පැමිණ ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කරමින් සිටියදී ඇමරිකානු පිලට තෝරා ගනු ලැබුවා

@රංජන්

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවය.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නායයෑම් අනතුරු ඇඟවීම් අද (02) අලුයම 04 සිට හෙට (03) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කලේය.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න (රතු)

කොළඹ දිස්ත්‍රික්කය:

  • පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය:

  • මතුගම
  • ⁠ඉංගිරිය
  • පාලින්දනුවර
  • ⁠බුලත්සිංහල

රත්නපුර දිස්ත්‍රික්කය:

  • කුරුවිට
  • ⁠ඇලපාත
  • කිරිඇල්ල
  • අයගම
  • ඇහැළියගොඩ
  • කලවාන
  • රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න 

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

හම්බන්තොට දිස්ත්‍රික්කය:

  • වලස්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

  • වලල්ලාවිට
  • ⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:

  • උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • දෙහිඹ්විට
  • ⁠දැරණියගල

මාතර දිස්ත්‍රික්කය:

  • මුලටියන
  • පිටබැද්දර
  • කොටපල

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • අඹගමුව
  • කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠ඉඹුල්පේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

ගාල්ල දිස්ත්‍රික්කය:

  • තවගම
  • ⁠නියගම
  • ⁠ඇල්පිටිය
  • ⁠නාගොඩ
  • ⁠නෙළුව

හම්බන්තොට දිස්ත්‍රික්කය:

  • කටුවන

කළුතර දිස්ත්‍රික්කය:

  • දොඩංගොඩ
  • අගලවත්ත

මහනුවර දිස්ත්‍රික්කය:

  • පස්බාගෙ කෝරළය
  • ⁠ගඟ ඉහළ කෝරළය
  • උඩුනුවර
  • ⁠ගඟවට කෝරළය
  • ⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • යටියන්තොට
  • ⁠බුලත්කොහුපිටිය
  • රුවන්වැල්ල
  • ⁠රඹුක්කන
  • ⁠වරකාපොළ
  • ගලිගමුව
  • අරණායක
  • ⁠මාවනැල්ල
  • ⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • මාවතගම
  • රිදීගම

මාතර දිස්ත්‍රික්කය:

  • පස්ගොඩ
  • අකුරැස්ස

නුවර එළිය දිස්ත්‍රික්කය:

  • ⁠නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠බලංගොඩ

Continue Reading

පුවත්

ගංවතුර අවදානමක්

Published

on

By

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර මේ හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්ය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ (01) රාත්‍රී සිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

මීට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිං ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය, අක්මීමණ, බද්දේගම සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

එමෙන්ම, කැලණි ගඟ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට සැලකිය යුතු වර්ෂාපතන තත්ත්වයක් පැවතීම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ප්‍රදේශවලට ද ගංවතුර ඇතිවීමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved