Connect with us

පුවත්

විරෝධතාවකට තහනම් නියෝගයක්

Published

on

අද (13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබේ.

අදාළ විරෝධතාවයේ දී උද්ඝෝෂකයින් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් හා වීථී නාට්‍ය රඟදක්වමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඔහු විසින් කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.

ඒ අනුව පහත සඳහන් වගඋත්තරකරුවන් ඇතුළු තැනැත්තන්ට මෙම නියෝගය අධිකරණය විසින් නිකුත් කළ බව පොලීසිය දැනුම්දෙයි.

1. ඉසුර ඉඳුවර, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

2. හර්ෂ නිපුන්, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

3. උදාර රණසිංහ, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, නාවල විවෘත විශ්වවිද්‍යාලය

4.බුවනෙක දීපාල්, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, නාවල විවෘත විශ්වවිද්‍යාලය

5. ධම්මික එස්. ප්‍රියන්ත, මංගල දාබරේරා, සම සභාපති විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

6. දයාරත්න, සම සභාපති, අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

7. ප්‍රේමරත්න, සම සභාපති, අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, නාවල විවෘත විශ්වවිද්‍යාලය

අද දින සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුලා විද්‍යාල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, සමුද්‍ර දේවී බාලිකා විද්‍යාල, ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල විභාග මධ්‍යස්ථාන ලෙස ද අනුලා විද්‍යාලය විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධාන මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන හෙයින් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කරුණු සලකා බලා මෙම විරෝධතා පා ගමන තහනම් කරමින් ආඥාව නිකුත් කරන ලදී.

පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

Published

on

By

ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මෙම තොරතුරු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් සදහන් කර ඇත.

තුවාල ලැබූ තරුණයා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමුක්ති මධුසංඛ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඉදිකිරීම් කටයුතු සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටියේය.

ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය විසිහතර පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රහාරයෙන් පීඩාවට පත් ඕනෑම අයෙකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

Continue Reading

පුවත්

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Continue Reading

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved