Connect with us

ව්‍යාපාර

PhonePe UPI ගෙවීම් ලංකාවේ දියත් කෙරේ

Published

on

ශ්‍රී ලංකාවේ UPI සේවාවන්ට තවදුරටත් ජවය ලබාදෙමින් 2024 මැයි 15 වන දින PhonePe හා LankaPay හවුල්කාරීත්වයෙන් PhonePe UPI ගෙවීම් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. 

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බි සහ ගෙවීම් යෙදුම වන මෙය ශ්‍රී ලංකාවේ සමාරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් මහතා සහභාගී වූ අතර ඒ සඳහා බැංකු ක්ෂේත්‍රයේ විධායක නිලධාරීන්, ගෙවීම් පද්ධති සම්පාදකයන්, ව්‍යාපාරික ආයතන සහ මාධ්‍ය ආයතන රැසක් ද සහභාගී වූහ.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා හුරු පුරුදු ඩිජිටල් ගෙවීම් පද්ධතීන් භාවිතා කිරීමේ පහසුව ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉන්දීය සංචාරකයන් තවදුරටත් දිරිගන්වනු ඇති බව සඳහන් කළේය. 

හෝටල් සහ කැබ් සේවා වෙන් කිරීමේ සහ භාණ්ඩ ගෙන්වා ගැනීමේ නව්‍යකරණයන් සඳහා UPI ස්ටැක් යොදාගැනීම සඳහා ඉන්දීය සමාගම් සමඟ සම්බන්ධ වී තටයුතු කරන ලෙස ඒ මහතා ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ඉල්ලා සිටියේය.

අග්‍රාමත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 පෙබරවාරි 12 වන දින LankaPay සමඟ සහයෝගීතාවයෙන් ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත (UPI) සේවාවන් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී. 

2023 ජූලි මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ප්‍රකාශයට පත් කරන ලද දැක්ම ලේඛනය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි මහතා මූල්‍ය සම්බන්ධකතාවය ශක්තිමත් කිරීම එහි ප්‍රධාන ලක්ෂණයක් වන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ එම සේවාව ආරම්භයේ සිට ගනුදෙනු 6000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර ඒවායේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 240කට අධිකය. PhonePe UPI දියත් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැක්සි සේවාවක් සහ ආහාර ගෙන්වා ගැනීමේ යෙදුමක් වන PickMe වැනි අමතර සබඳතා ඇතුළුව දැනට පවත්නා මූල්‍ය තාක්ෂණ සම්බන්ධකතාවය තවදුරටත් ඉහළ නංවනු ඇති බවට අපේක්ෂා කෙරේ.ඩිජිටල් ක්ෂේත්‍රය තුළ සබඳතා පුළුල් කිරීම ජනතාව අතර සබඳතාවයට ද ශක්තිය ලබා දෙන අතර එය දෙරට ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන්ට සමගාමීව තාක්ෂණයේ නව සහ නැඟීඑන අංශවල ඉන්දියා – ශ්‍රී ලංකා හවුල්කාරීත්වයට දිදුලන නිදසුනක් ද වේ.

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading

විදෙස්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිල ඉහළට

Published

on

By

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Continue Reading

ව්‍යාපාර

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක් ආනයනයක්

Published

on

By

මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට ආනයනය කර තිබේ.

මෙම ප්‍රමාණය ආනයනය සිදුව ඇත්තේ, මැයි 22 වැනිදා සිට පසුගිය ජූනි 7 වැනිදා දක්වා කාලය තුළය.

රේගුව සඳහන් කරන්නේ මෙම ආනයනයන් වෙනුවෙන් රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය වී ඇති බවය.

ඉන්, රුපියල් මිලියන 720ක්ම ගෙවා ඇත්තේ, බදු ලෙසය.

පවතින හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට නියමිත ලුණු ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 30000 කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved