Connect with us

පුවත්

එදා ජේ. ආර් කරපු වැඩේ අද ජේ. ආර්ගේ බෑනා කරමින් පවතිනවා – අනුර කුමාර

Published

on

මීට අවුරුදු 33කට පෙර අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන් දස දහස් ගණනක් එක්සත් ජාතික පක්ෂයේ මිනීමරුවන් විසින් සදහටම උදුරාගනු ලැබුවා.

ඉතා අසීරුතාවයකට පත්වූ අවස්ථාවලදී නැවත අපේ ජයග්‍රහණයන් පිළිබඳව සුබවාදී බලාපොරොත්තු ගෙන එන්නේ 88-89 කාලයේ අපෙන් උදුරාගත් වීරවරියන් සහ වීරවරුන්. ඔවුන් අපට ධෛර්යය, වීර්යය සහ මඟපෙන්වීම ගෙනත් දෙනවා. යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවැති 33 වැනි ඉල් මහා සමරුවට සහභාගි වෙමිනි.

වැඩිදුුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

රෝහලකදී, පාසලකදී, කර්මාන්තවල රැකියා අහිමිවීමේදී, ගොවිබ්ම් පාලුවීමේදී වගේම බොහෝ දෙනෙක් රට අත්හැර යන විට පෙන්නුම් කරන්නේ මේ සමාජය වෙනස් කළ යුතු බවයි.

අද සමාජයේ සාතිශය බහුතර පිරිසක් ඉදිරියට ඇවිත් කියන්නේ මේ සමාජය මුළුමලින්ම වෙනස් කළ යුතු බවයි. මීට බොහෝ කලකට පෙර ඒ අනතුර කල්තියා දැක්ක මිනිසුන් මෙය වෙනස් කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. අද අපි සමරන්නේ ඒ ශ්‍රේෂ්ඨ විරුවන්.

අපේ රට විනාශයට පත්කළ පාදඩ දේශපාලන සංස්කෘතියත් ආර්ථික මාවතත් වෙනස් කළ යුතු බව අද රට තුළ රැව්පිළිරැව් දෙනවා. වර්තමානය වගේම ජේ.ආර්. ජයවර්ධනගේ පළවෙනි විධායක ජනාධිපති ජනතාව විසින් පත්කරගත් පුද්ගලයෙක් නොවෙයි. ව්‍යවස්ථා ගැටයකින් ජනාධිපති පුටුවේ ජේ.ආර්. ජයවර්ධන වාඩිවුණා.

1977 ජනතාව ඡන්දය දුන්නේ විධායක බලයක් නිර්මාණය කරන්න නොවෙයි. එවැනි ජනාධිපති ධූරයකින් ශිෂ්ට සම්පන්න සමාජයක සියලුම පද්ධති අහෝසි කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අපේ රටේ මිනිසුන් දහස් ගණනක් ආරක්ෂක ඇමතිගේ අත්සනින් කඳවුරු තුළ ගාල් කළා. ජේ.ආර්.ගේ බෑනත් මේ වැඩේම කරමින් ඉන්නවා. එදත් නියමිත පරිදි මැතිවරණය නොපවත්වා ලාම්පු කළගෙඩි සෙල්ලම ගෙනාවා වගේ රනිල් වික්‍රමසිංහයත් සූදානම් වෙනවා. එදා ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට විරුද්ධව උතුරෙත් දකුණෙත් ජනතාව නැගී සිටියා.

යාපනය පුස්තකාලය ගිනි තියලා, ඡන්ද කොල්ලයන් දියත් කර ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීමේ පසුබිම හැදුවා. දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන්ට එරෙහිව මර්දනය දියත් කළා.

ජේ.ආර්. ජයවර්ධනලාගේ මර්දනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහි අපේ වීරෝධාර සගයින් සටන් වැදුණා. ජේ.ආර්. කොටියෙක් නම්, රනිල් පූස් පැටියෙක් බව මතක තබාගත යුතුයි. එයා ඔළුවෙන් ජේ.ආර්.ට ආවේශ වෙන්න හදනවා.

Continue Reading

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved