Connect with us

පුවත්

2023 සම්පූර්ණ අයවැය කතාව

Published

on

පුවත්

රනිල්ගේ IMF ලියුමට විපක්ෂයේ 15ක් සහය දෙන්න කැමතිවෙලා!

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම හා රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම සහ රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් මෙම කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාලිගාවත්තේදී පැවැති එක්සත් ජාතික පක්ෂ‍ මැයි දින සැමරුම් උළෙලේදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර එයට සහාය දෙන්නැයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයට ආරාධනා කළේය.

විපක්ෂය මෙයට විරුද්ධ වුවද එයට සහාය ලබාගැනීමේ අරමුණෙන් විපක්ෂයේ මන්ත්‍රිවරු සමග ආණ්ඩුවේ මන්ත්‍රිවරු සාකච්ඡා කර තිබිණි. ඒ අනුව මෙය ජාතික වශයෙන් වැදගත් කෙටුම්පතක් ලෙස සලකා එයට කැමැත්ත පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රිවරු 10ත් 15ත් අතර පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. 

එම මන්ත්‍රිවරු පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කර ඇත. 

මේ පිරිස ඉකුත් මැයි 1 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ රැළියට එක්වීමට සූදානමින් සිටියද එය ජනාධිපතිවරයා විසින් වළක්වා තිබිණි. 

කෙසේ වෙතත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එයට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 15ක් පමණ දැඩි තීරණයක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ මහත්මිය මීට දෙසතියකට පමණ ඉහතදී මාධ්‍ය වෙත කියා තිබුණි. 

තලතා අතුකෝරාළ, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇතුළු මන්ත්‍රිවරු රැසක් මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළියටද එක්ව නොසිටීමද කැපී පෙනුණි.

Continue Reading

පුවත්

දරුකමට හදා ගැනීමට ළමුන්දීම වැඩි වෙලා!

Published

on

By

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් තම බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට හට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩි වී ඇති බව තොරතුරු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු වාර්තා වලින් හෙළි වී ඇත.

ඉන් සැලකිය යුතු දරු පිරිසක් ලබාදි ඇත්තේ විදේශිකයන්ටය.

සාමාන්‍යයෙන් වසරක් තුළ දරුවන් 1700ක් පමණ එසේ දරුකමට හදා ගැනීම ලබා දෙන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් (සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා  ගනේපොළ මහත්මිය පවසයි.

ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා වැනි සමාජීය ප්‍රශ්න මේ සඳහා හේතු වී ඇති බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එසේම රටේ ගබ්සා කිරීම්ද සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 මුලාශ්‍රය – දිවයින

Continue Reading

පුවත්

මීනී පෙට්ටි 50ක් බණ්ඩාරගම පොලිසියට ගෙනියයි

Published

on

By

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.

එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.

අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved