මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී අද (27) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.
මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් ඇත.
මිදිගම පිටිදූව පාරේ පදිංචි සුදේෂ් මධුසංක නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු අද උදැසන සිය දරුවන් දෙදෙනා බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත රැගෙන ආ අවස්ථාවේදී එම පුද්ගලයා ඉලක්ක කොට මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
වෙඩිතැබීමට ඉලක්කය වූ පුද්ගලයා නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අයගේ පාර්ශ්වයේ පුද්ගලයකු වන අතර ඔහුට විරුද්ධව 2022.01.20 වන දින මිදිගම තුර්කි ගම්මානයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී මේ වනවිට ඇප මත නිදහස්වී සිටින අයෙකි.
මෙම වෙඩිතැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් වැටී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.