Connect with us

පුවත්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැඩවර්ජනය තවදුරටත්

Published

on

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසයි.

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්ව අනධ්‍යයන සේවකයින්ට සේවය සඳහා වාර්තා කරන ලෙසටය.

අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලු‍ව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු‍ පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ  සම සභාපති, ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවයි.

“අපි බලාපොරොත්තු වුණා වැඩවර්ජනයේ යෙදෙන පාර්ශවය විදියට වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇදෙන ගැටලුව සඳහා විසඳුම් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් නිල පිළිතුරක් අපට තවමත් ලැබිලා නෑ. අපිට ආරංචි විදියට මේ සඳහා තවත් කමිටුවක් පත්කරපු බවක් තමා දැනගන්න ලැබෙන්නේ. එම නිසා අපි ඉතා ඕනෑකමින් රජයට කියන්න ඕනේ, විශ්වවිද්‍යාල සේවකයින් මේ අරගලයට අවතීර්ණ වෙලා දින 27 තිස්සේ වැඩවර්ජනයක් කළේ තවත් කමිටුවක් පත්කරගන්න නෙමෙයි. මේ කමිටු වාර්තා තුළින් මේ ඉල්ලීම් සාධාරණයි කියලා පිළිගෙන තියෙනවා. තවත් කමිටුවක් පත්කිරීම කාලය කා දැමීමක්. රජය පාර්ශවයෙන් තවමත් අපිට පිළිතුරක් ලැබිලා ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති නායකයින් ඒකමතික තීරණයකට එළැඹිලා තියෙනවා.”

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved