Connect with us

පුවත්

බිත්තර කෑම ඉහළ ගිහින්

Published

on

මෙරට  දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ  ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මින් පෙර දෛනිකව කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක්  වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම ප්‍රමාණය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි වාර්තාවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම දෙපාර්තුමේන්තුව පවසන්නේ සංචාරක කර්මාන්තය තුළ මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, පසුගිය කාලය තුළ විවිධ හේතුන් නිසා මස් හා මාළු මිල ගණන් වරින්වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර ලෙස පසුගිය කාලය තුළ මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී බවය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම කරුණු අවධාරණය කර තිබේ.

කෙසේ වුවද බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම දැනට මාසිකව කුකුළු බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කරන බැවින් එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපල තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී පවසා ඇත.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved