Connect with us

පුවත්

අද දෙමව්පියන්ගේ දිනය යි

Published

on

අද දෙමව්පියන්ගේ දිනය යිඅද ගෝලීය දෙමාපියන්ගේ දිනය ( Global Day of Parents) යි.

දෙමාපියන් පිළිබඳ ගෝලීය දිනය සෑම වසරකම ජුනි මස 01 වන දිනට යෙදී ඇත. මෙම දිනය 2012 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ A/RES/66/292 ප්‍රඥප්තිය යටතේ ලොව පුරා දෙමව්පියන්ට ගෞරව පිරිනැමීම සඳහා ප්‍රකාශයට පත් කරන ලදී.

ගෝලීය දෙමාපියන්ගේ දිනය මඟින් මාපිය දූදරු සම්බන්ධතාව අර්ථවත් කරමින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ළමුන් පෝෂණය කරමින් සහ ළමුන් වෙනුවෙන් සිය පරාර්ථකාමී කැපවීම සඳහා ලෝකයේ සතර දිග්භාගයේ ම වෙසෙන දෙමාපියන් අගය කිරීමට අවස්ථාවක් සපයයි.

 මෙම දිනය ප්‍රකාශයට පත් කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සඳහන් කරන්නේ පවුලේ දරුවන්ගේ පෝෂණය හා ආරක්ෂාව සඳහා මූලික වගකීම ඇත්තේ දෙමාපියන්ට බවත් දරුවන්, ඔවුන්ගේ පෞද්ගලිකත්වය පූර්ණ හා සාමූහිකව සංවර්ධනය සඳහා පවුලේ පරිසරය තුළ සතුට සහිත වාතාවරණයක් වර්ධනය කළ යුත්තේ ද දෙමාපියන් බවත් ය.

දරුවන් ඇති දැඩි කිරීම දෙමාපියන්ගේ භූමිකාව හඳුනා ගෙන විශේෂයෙන් තරුණ පිරිස සහ ළමයින් සම්බන්ධ කරගනිමින් මුළුමහත් සමාජය සමඟ එක්ව මෙම දිනය සැමරීම සඳහා මෙම ප්‍රඥප්තිය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල්වලට ආරාධනා කර සිටියි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved