Connect with us

පුවත්

බන්දුල, ජ’පුරේ රසායන විද්‍යා ලොක්කාව රූපවාහිනියේ සභාපති කරලා!

Published

on

රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට ශ්‍රී ජයවර්ධන සරසවියේ රසායන විද්‍යා අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

හිටපු සභාපති ප්‍රසාද් සමරසිංහ මහතාට රට යාමට අවශ්‍ය බව පවසමින් අදාළ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව සුදත්ත මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කර ඇති බව ද වාර්තා වේ.

මේවන විට දරුණු ආර්ථික අර්බුදයක පසුවන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නොගෙවන ලද විදුලි බිල පමණක් රුපියල් කෝටියකට ආසන්න බව පැවසේ.

අදාළ තත්ත්වය නිසා හිටපු සභාපති ප්‍රසාද් මහතාගේ සමයේදී අවස්ථා කිහිපයකදීම රූපවාහිනියේ විදුලි විසන්ධි කරනු ලැබීය.

එසේම ඔහු විසින් රූපවාහිනියට අයත් අයි. නාලිකාව අනීතික ලෙස ලයිකා මොබයිල් ආයතනයට බදු දීම නිසාද ප්‍රසාද් මහතා කතා බහට ලක් විය.

දිගින් දිගටම එම ආයතනයට පරිපාලනයට අදක්ෂ සභාපතිවරුන් පත් කිරීම හේතුවෙන් එය මේවන විට දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, රූපවාහිනියට ශ්‍රී ජයවර්ධන සරසවියේ රසායන විද්‍යා අංශ ප්‍රධානියාව පත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ‍ක්ෂේත්‍රය තුළ හාස්‍යට ලක්ව ඇති අතර සුදන්ත මහතා එම තනතුර බාර ගැනීම සම්බන්ධයෙන්ද කතා බහට ලක්ව ඇතැයි පැවසේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved