Connect with us

පුවත්

බුද්ධි අංශ කියන වතුකරයට ආ ඉන්දියානු ගුරුවරු ගැන සුසිලුත් හොයන්න ගනියි

Published

on

ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම ගුරුවරුන් සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඉන්දීය ගුරුවරු දෙදාහක් වතුකරයේ…

මන්ත්‍රිවරයා
මෙරට ගුරුවරුන්ගෙන් සපුරාලන්න බැරි ගුරු හිඟයක් වතුකරයේ තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති පසුගිය කාලයේදී ඉන්දියාවෙන් පැමිණි ගුරුවරු දෙදහසකට වැඩි පිිරිසක් වතුකරයේ පාසල්වල ඉගැන්වීම් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සද්භාවයෙන් ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගන්න ඇති. නමුත් බුද්ධි අංශ වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ඉන්දියානු ගුරුවරු වතුකරයේ පාසල්වල දරුවන්ට එක්තරා ආකාරයක විස පෙවීමක් සිදු කරනවා කියලා. ඒක මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබුණා. ගුරු හිඟය පියවන්න අපි කටයුතු නොකර බාහිර පාර්ශ්වයන්ට දුන්නොත් ඒ අය එන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයි. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා බුද්ධි අංශ වාර්තා අමාත්‍යාංශයට ලැබුණා ද, එවැනි විස පෙවීමක් වනවා නම් එය වැළැක්විය යුතුයි නේද

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

මම මේ අමාත්‍යාංශය භාර ගත් පසු ඉන්දීය ගුරුවරුන්ට මමනම් අවසර දීලා නැහැ. මේ කියන්නෙ ඊට පෙර පැමිණි පිරිසක් ගැන වෙන්න ඇති. නමුත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලය මැදිහත් වෙලා යම් පිරිසක් පැමිණ සිටින බව මම දන්නවා. ඔය කියන ප්‍රශ්න විසඳන්න මම විශාල වෙහෙසක් ගත්තා. විද්‍යාපීඨවලින් වතුකරයට ගුරුවරු සුදුසුකම් ලබන්නේ නැහැ. මම මාස හයක් පමණ සටන් කරලා වතුකරයට ගුරුවරුන්ගෙ ප්‍රශ්න විසඳන්න කටයුතු කරමින් ඉන්නෙ. ගුරු සහායකයො ලෙස දීමනාවක් දීලා බඳවා ගැනීමට 2535ක් පුරප්පාඩු තියනවා. වෙන කවුරුත් ස්වේච්ඡාවෙන් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මන්ත්‍රිවරයා

ඔබතුමාගේ කාලයේ මේක වුණා කියලා මම කියන්නේ නැහැ. මම කිව්වෙ මාධ්‍ය වාර්තාවක් ගැනයි. ඒ කියන බුද්ධි අංශ වාර්තාව ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීමයි මම කරන්නේ.

ඇමැතිවරයා

මම ඒ වාර්තාව ගෙන්වා ගෙන පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් විමසා පැහැදිලි කිරීමක් කරන්නම්.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි වේලු කුමාර් ( සජබ)

එය සම්පූර්ණයෙන් අසත්‍යයක්. එහෙම ගුරුවරුන් දෙදහසක් ඉන්දියාවෙන් ඇවිල්ලත් නැහැ. එහෙම යොදවලත් නැහැ. වගකීමෙන් කියන්නේ.

පුවත්

කොළඹ – ගුවන් තොටුපොළ නව බස් සේවයක්

Published

on

By

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ (05) සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹා තිබෙන බව සඳහන්ය.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

Continue Reading

පුවත්

පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද

Published

on

By

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම අද (05) සිදු කෙරේ.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්ථනයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සේවා පද්ධතිය  ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීම  සිදු කෙරනු ඇත.

මෙම පද්ධතිය මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වශයෙන් සැලකෙන අතර රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල සැලැස්මක කොටසක් ද වේ.

වඩා හොඳින් සම්පත් භාවිත කිරීමටත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත් දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් ඉන් හැකියාව ලැබෙනු ඇත.

මෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා තඹුත්තේගම සහ දඹුල්ල අවට රෝහල් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථාන 31 ක් ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකය

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved