අභාවප්‍රාප්ත වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ලලිත් අබේවර්ධන, යූඑස්පී (නි/50945) මහතා ගේ අවසන් කටයුතු අද (ජුනි 06) ප.ව. 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ තැන්පත් කර ඇත.
රෝගාතුරව යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය 03දා උදැසන අභාවප්‍රාප්ත විය.
මියැදෙන විට ඔහු 65 වන වියෙහි පසුවිය.
කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකුව සිටි ලලිත් අබේවර්ධන, එකල විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සැරයන් ලෙස කටයුතු කර ඇත.
කෙටිකාලීන පාඨමාලා අංක 02 ට යුධ හමුදා සේවයට බැදී දියතලාව පුහුණු පාසැලින් හා ඉන්දියාවේ හමුදා පාසැලෙන් මූලික පුහුණුව ලබා ඇත.
කොමිෂන් ලත් නිළධාරියෙක් ලෙස යුද හමුදා සේවා බලකායට ඇතුළත්වී ඔහු උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරින් ඉටුකර තිබේ.
මොහු විදේශ රටවල් කිහිපයක දී ඒකකයට අදාල විෂයන් පිළිබඳ වැඩිදුර පුහුණුව ලබා ඇත.
දේශපාලන ක්‍රියාකාරිනියක වන උපුලාංගනී මාලගමුව සමග විවාහව සිටි මේජර් ජනරාල් ලලිත් අබේවර්ධන, කේතක අබේවර්ධනගේ ආදරණීය පියානන්ද වේ. ජාත්‍යන්තර කීර්තියක් ලද ශ්‍රී ලංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, මේජර් ජනරාල් ලලිත් අබේවර්ධන ගේ මස්සිනා වේ.