දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජනිත් නැමැත්තකු විසින් මෙහෙයවනු ලබන මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතවන කොරළවැල්ලේ ‘කුඩු ජයනි‘ සහ ඇගේ ප්‍රධාන ගෝලයෙක් ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග කොරළවැල්ල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකාරිය විසින් මොරටුව, මෝදර, කොරළවැල්ල හා ලුනාව යන ප්‍රදේශවල ජයටම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්‍රෑම් 50 ක් සහ මිලිග්‍රෑම් 720ක් වලාන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
සැකකාරියගේ ප්‍රධාන ගෝලයා සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 3520ක් ද වලාන නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට ගත් කුඩු ජයනිගේ සැමියා සහ සහෝදරයින් තිදෙනකු ද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට මහර සහ මැගසින් බන්ධනාගරගතව සිටින බවට තොරතුරු අනාවරණයවී තිබේ.
දැනට මහර බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැදවියකු විසින් බන්ධනාගාරය තුළ සිට කුඩු ජයනි නැමැත්තියට මත්ද්‍රව්‍ය ලබාදෙන බව ද අනාවරණයවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකිරීම සදහා එගොඩ උයන සහ මොරටුව යන පොලිසිවලට බාර දී ඇති බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් 51068 පුෂ්පකුමාර, කාන්තා පොලිසි සැරයන් 3684 නයෝමි, පොලිස් කොස්තාපල්වරුවන් ව 87119 අමිල, 104327 දිල්ශාන්, 104644 තිලකරත්න, 105086 කේසුමාරන්, පොලිස් සැරයන් රියැදුරු 6462 බණ්ඩාර යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.