Connect with us

පුවත්

දේපල ගිනිගත් මන්ත්‍රීලාට ඇස්තමේන්තු මුදලත් මදි වෙලා!

Published

on

අරගලය අතරතුරදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී නිවාස සහ දේපොළ අහිමිවීම සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සකස් කළ තක්සේරු මුදල ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 75 දෙනකු ආණ්ඩු පක්ෂ කාර්යාලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අරගලයේදී මන්ත්‍රිවරු 77 දෙනකුගේ නිවාස හා දේපොළ හානියට පත් විය. 

එලෙස නිවාස හා දේපොළ හානියට පත්වූ මන්ත්‍රිවරුන්ගෙන් විමල් වීරවංශ සහ මිලාන් ජයතිලක යන මන්ත්‍රිවරුන්ගේ හානිය මෙතෙක් ගණනය කර නැතැයි ද වාර්තා වේ.

නිවාස හා දේපොළ අහිමි වු මන්ත්‍රිවරු ඉල්ලා සිටින්නේ වර්තමාන වටිනාකමට අනුව වන්දි මුදල තක්සේරු කළ යුතු බවයි. 

තමන් නිවස ඉදි කරන කාලයේ වටිනාකමට අනුව තක්සේරු කිරීම උචිත නොවන බව මන්ත්‍රිවරුන්ගේ අදහස වී තිබේ. 

තක්සේරු කිරීමේ කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුව හිතා මතාම ප්‍රමාද කරන බවටද මන්ත්‍රිවරු ආණ්ඩු පක්ෂ කාර්යාලයට දැනුම් දී තිබේ. 

එම නිසා තක්සේරුව සම්බන්ධ ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) සිට ලබන 18 වන වැනිදා දක්වා අයවැය ඡන්ද විමසීම අවසන්වන තෙක් පාලිමේන්තුවේදී පැවැත්වේ.

ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ එහි මුලසුන හොබන අතර තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඊට කැඳවා ඇති බව පැවසේ.

දේපොළ අහිමි වූ මන්ත්‍රිවරු වෙන වෙනම ගෙන්වා ගැටලු මෙහිදී සාකච්ඡා කිරීම විශේෂ සිද්ධියකි.

එහෙත් තක්සේරු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින නීති රීති අනුව තක්සේරු කටයුතු සිදු කරන බවයි. 

මේ අතර අරගලයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවාස ඇතුළු දේපොළවලට සිදුවූ අලාභය රුපියල් කෝටි හැත්තැහත ඉක්මවන බව තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ මහත්ම මහත්මීන්ද නිවාස සහ දේපොළවලට එලෙස අලාභ හානි වී ඇත.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවාස නමයක් ඇතුළු දේපොළ මෙන්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවාස හතරක් ඇතුළු දේපොළවලට එම අලාභය සිදුවී ඇතැයි ගණන් බලා ඇත. අලාභහානි වීම් අතර වාහන රැස්කද වේ.

වැඩිම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේගේ දේපොළවලට සිදුව ඇති බව පැවසේ.

එය කෝටි 46කි. 

අනතුරුව දෙවැනි වැඩිම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියගේ තලංගම නිවස ඇතුළු දේපොළවලට සිදුවූ අලාභයය. එය 14 කෝටි හාරලක්ෂ 86000කි.

එම මන්ත්‍රිවරුන් ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාවල මෙම මුදලට වඩා දෙතුන් ගුණයක් සඳහන්ව තිබී ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවුවද, තක්සේරු කමිටුවේ මුලසුන හොබවන ඇමති ප්‍රසන්නට හා සේමසිංහට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමතිවරුන්ගෙන් විශාල විරෝධයක් මේවන විට එල්ලවෙමින් ඇතැයි ද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved