Connect with us

පුවත්

සියලු මුදල් හුවමාරු මධ්‍යස්ථාන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්යයි

Published

on

සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්‍ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජුනි 03 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ නියෝග බලපැවැත්වෙන බව මහ බැංකුව කියයි.

මහ බැංකුව සඳහන් කරන්නේ මෙමගින් දැනට ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර නොමැති මෙකී සේවා සපයන්නන් හට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමටත්, විධිමත් මාර්ග හරහා මුදල් පැවරීමේ සේවා ව්‍යාපාරයේ නිරත වීමටත් අවස්ථාව සැලසෙන බවය.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අප්‍රේල් 20 දිනැති 2024 අංක 01 දරන මුදල් හෝ වටිනාකම් පැවරීමේ සේවා සපයන්නන් සඳහා වන නියෝග නිකුත් කළ බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved