Connect with us

පුවත්

මොනරෙකු මරාගෙන කෑ දර්ශන යූටියුබයට දැමූ 6ක් අල්ලන්න නියෝග

Published

on

යූ ටියුබ් නාළිකාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී මොනරකු මරා කන දර්ශන රූ ගත කරමින් සමාජ මාධ්‍යයට මුදාහල පුද්ගලයකු හා ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි මහියංගණය මහෙස්ත්‍රාත්වරයා අධිකරණයට නියෝග කර තිබේ.

එම වීඩියෝව මගින් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරයේ වනජීවි අපරාධ කිරීමට ආධාර අනුබල සැපයීම ඇතුළු චෝදනා 05ක් යටතේ බී වාර්තාවක් මගින් මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහියංගණ මහෙස්ත්‍රාත් ටී. ජිනදාස මහතා මෙම නියෝගය කළේය.

‘‘ආදිවාසීන්ගේ වන ගත ජීවන චර්යාව’’ පිළිබඳව මෙම වීඩියෝව මගින් ප්‍රචාරය කිරීමට යන බව අඟවමින් 2019 හෝ 2020 වසරේ හෝ දිනයක නීතිවිරෝධීව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී දුනු ඊතල යොදාගෙන මොනරකු දඩයම් කර, ගිනිමැල ගසා වනෝද්‍යානය තුළදීම හම මස් අනුභව කරන දර්ශන රූ ගත කර ඇති බවට එම බී වාර්තාව මගින් කරුණු වාර්තා කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශනය කිරීමට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. 

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල උද්‍යාන පිවිසුම් කාර්යාලයේ සේවය කරන වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතා විසින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved