ජපන් විදේශ කටයුතු අමාත්‍ය ගරු. කමිකාවා යෝකෝ මැතිණිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ඒම්. යූ. ඒම්. අලි සබ්රි මහතා, ජපානයේ සිය නිල සංචාරය අතරතුර, ඊයේ (02) ටෝකියෝ හි දී මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන (JDS ලෙස හඳුන්වන) සඳහා හුවමාරු සටහන් පත්‍රයට අත්සන් තැබීය.
මෙය ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
මෙම හුවමාරු සටහන් පත්‍රය හරහා, ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් රජය දළ වශයෙන් රුපියල් මිලියන 578 ක් (ජපන් යෙන් මිලියන 304) වටිනා ආධාර ප්‍රදාන ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් රාජ්‍ය අංශයේ තරුණ දක්ෂ පරිපාලන නිලධාරීන්හට ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල පුහුණු වීමේ අවස්ථා ලබා දී ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ඔවුන් තම ක්ෂේත්රවල අනාගත ජාතික නායකයින් ලෙස සුදුසුකම් ලබා ගැනීමට සැලැස්වීම මින් අරමුණු කරයි. මේ යටතේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 17 ත් දෙනෙකු 2025 න් ආරම්භ වන වසර 2 සිට 3 දක්වා ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට යොමු කරනු ලැබේ. ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍ර අතරට රාජ්‍ය ප්‍රතිපත්ති, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය, සහ නාගරික හා ප්‍රාදේශීය සංවර්ධනය ඇතුලත් වේ.
2010 වසර ආරම්භයේ සිට මේ දක්වා, JDS ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 222 දෙනෙකුට සහාය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය පුද්ගල ධාරිතාවන් ඉහළ නැංවීමට පමණක් නොව රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමඟින් ශ්‍රී ලංකාව ශක්තිමත්
සහ තිරසාර සංවර්ධනයට යොමු කිරීමට මෙම ප්රයත්නය සහාය වනු ඇත.
දෙරට අතර සබඳතා ශක්තිමත් කරනා පාලමක් ලෙස කටයුතු කරමින් ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා වල අත්තිවාරම් තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මෙමගින් අපේක්ෂා කෙරේ.