Connect with us

පුවත්

නීතිපති ධුරය ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට දෙන ව්‍යවස්ථා විධානයක් නැහැ – සමන් ඒකනායක

Published

on

නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කිරීමේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් නැති බවත් මින් පෙර එවැන්නක් සිදු වී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ලිපිය යවා තිබේ. 

නීතිපති ධුරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

නීතිපතිවරයා රජයේ ප්‍රධාන උපදේශකවරයා වන අතර විධායක බලයක් නොදරන බවත් ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට නීති උපදෙස් ලබා දීම සඳහා ඔහුට ආත්ම විශ්වාසය සහ හැකියාව තිබිය යුතු බවත් සඳහන් කරන ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් සඳහන් කරයි.

සරත් එන්. සිල්වා මහතා විනිසුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී සහ මොහාන් පීරිස් මහතා පෞද්ගලික නීතිඥවරයකු ලෙස සේවය කරමින් සිටියදී නීතිපති ධුරය සඳහා පත් කළ බව ද ඒකනායක මහතා පෙන්වා දෙයි.

එසේම 2016 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නීතිඥවරුන් වන සුහද ගම්ලත්, කපිල වෛද්‍යරත්න සහ ජයන්ත ජයසූරිය මහත්වරුන්ගේ නම් නීතිපති ධුරය සඳහා නම් කළ අතර ඉන් ජයන්ත ජයසූරිය මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් පිළිගත් බවත් ඒකනායක මහතා සඳහන් කරයි. 

සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස බව සඳහන් කරමින් ගල්හේන මහතා ජනාධිපතිවරයාට එවා තිබූ ලිපියට ජනාධිපති ලේකම්වරයා මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

(දිනමිණ)

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved