නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කිරීමේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් නැති බවත් මින් පෙර එවැන්නක් සිදු වී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ලිපිය යවා තිබේ.
නීතිපති ධුරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
නීතිපතිවරයා රජයේ ප්‍රධාන උපදේශකවරයා වන අතර විධායක බලයක් නොදරන බවත් ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට නීති උපදෙස් ලබා දීම සඳහා ඔහුට ආත්ම විශ්වාසය සහ හැකියාව තිබිය යුතු බවත් සඳහන් කරන ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් සඳහන් කරයි.
සරත් එන්. සිල්වා මහතා විනිසුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී සහ මොහාන් පීරිස් මහතා පෞද්ගලික නීතිඥවරයකු ලෙස සේවය කරමින් සිටියදී නීතිපති ධුරය සඳහා පත් කළ බව ද ඒකනායක මහතා පෙන්වා දෙයි.
එසේම 2016 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නීතිඥවරුන් වන සුහද ගම්ලත්, කපිල වෛද්‍යරත්න සහ ජයන්ත ජයසූරිය මහත්වරුන්ගේ නම් නීතිපති ධුරය සඳහා නම් කළ අතර ඉන් ජයන්ත ජයසූරිය මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් පිළිගත් බවත් ඒකනායක මහතා සඳහන් කරයි.
සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස බව සඳහන් කරමින් ගල්හේන මහතා ජනාධිපතිවරයාට එවා තිබූ ලිපියට ජනාධිපති ලේකම්වරයා මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.
(දිනමිණ)