Connect with us

විදෙස්

ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම සක්‍රිය කරයි

Published

on

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර ඇතැයි එම සමාගමේ අයිතිකරු වන ඊලොන් මස්ක් පවසයි.

ට්‍රම්ප් ගේ ගිණුම යළි සක්‍රිය කිරීම සම්බන්ධයෙන් සිදුකළ මත විමසුමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණි.

කෙසේවෙතත්, ට්‍රම්ප් යළිත් ට්විටර් වල සක්‍රීය වේ ද යන්න පිළිබඳව පැහැදිලි නොවේ.

මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත.

ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමට ඇති හැකියාව හේතුවෙන් 2021 ජනවාරි 06දා සිට මාස 22ක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබුණි. පසුව ඔහුගේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා යූටියුබ් ගිණුම් ද අත්හිටුවා තිබුණි.

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading

විදෙස්

පය පැකිළුන ට්‍රම්ප් (වීඩියෝ)

Published

on

By

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved