Connect with us

පුවත්

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි

Published

on

පැරිස්, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවට ඊයේ (15) දින තර්ෂන් සෙල්වරාජා එක් විය.

මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් බවයි ප්‍රංශයේ මෙරට තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.

එම අවස්ථාවට ලාංකීකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ප්‍රංශයේ මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන වසර 100කට පසුවයි. ගිනි සිළුව ලබා ගන්නා ස්ථානය වන ‘ගැම්බත්තා’ ප්‍රදේශයට තර්ෂන් සෙල්වරාජා පැමිණියේ, රථ පෙරහැරකිනි.

මෙම ඔලිම්පික් සිළුව රැගෙන යාමේ අවස්ථාව 10,000කට අධික පිරිසකට හිමි විය.

තර්ෂන් සෙල්වරාජා ප්‍රංශයේ රජ මැදුරට වාර්ෂිකව තුනී පාන් විශේෂයක් වන ‘බැගැට්’ (baguette)  ලබා දෙන්නා වන අතර ඔහුට මෙම අවස්ථාව හිමි වූයේ, ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ නම් මෙම තරගයෙන් ජය ගැනීම හේතුවෙනි.

ඔලිම්පික් ගිනි සිළුව සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000කට පමණ පිරිසකට රට පුරා රැගෙන යාමට අවස්ථාව හිමි වන බව සඳහන් වේ.

මෙරට පැවැති යුද තත්ත්වය හේතුවෙන් 2006 වසරේ දී සරණාගතයෙකු ලෙස ප්‍රංශයට ගිය ඔහු එහි දී සූප ශාස්ත්‍රවේදය හදාරා තිබේ.

සබැඳි පුවත්

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved