Connect with us

පුවත්

තාවකාලික රියදුරු බලපත්‍ර හිමියන්ට දැනුම්දීමක්

Published

on

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරින් ජනරාල් අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ 2020 වසරේ ඇති වූ ආර්ථික ගැටලුවත් සමග රියදුරු බලපත් කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවු බවත් මෙම ප්‍රශ්ණය හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණය නිකුත් කිරීමට නියමිතව තිබුනද ඔවුන් සඳහා තාවකාලික මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට සිදුවූ බවය.

මේ වනවිට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බවත් සාමාන්‍යයෙන් අලුතින් රියදුරු බලපත්‍ර හා අලුත් කිරීම් සඳහා වසරකට රියදුරු බලපත් ලක්ෂ 9ක් 10ක් මුද්‍රණය කළ යුතු බවත් මේ ප්‍රමාණයට නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ප්‍රමාණය සමග මුද්‍රණ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදුවූ බවත් ඔහු පවසයි.

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved